හයිටි ජනපති සන්නද්ධ පිරිසක් විසින් ඝාතනය කරයි
හයිටි රාජ්‍යයේ ජනාධිපති ජොවැනල් මොයිසේ සන්නද්ධ පිරිසක් විසින් ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
සිය පෞද්ගලික නිවසේ සිටියදී ඊයේ රාත්‍රී ඔහු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
ආයුධ සන්නද්ධව පැමිණි කණ්ඩායමක් ජනාධිපතිවරයාගේ නිවසට කඩා වැදී ඔහුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
ජනපති ආර්යාව ද මෙම සන්නද්ධ ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවටයි වාර්තා වන්නේ.
ජනාධිපතිවරයාගේ ඝාතනය පිළිබඳ හයිටි අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ ද සටහනක් තබා ඇති අතර එහි දැක්වෙන්නේ ජාතික ආරක්ෂාවට ගැටලුවක් නොවන ආකාරයෙන් සියලු කටයුතු සැලසුම් කර ඇති බවයි.
මේවන විට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු පොලිසිය සහ හමුදාව විසින් සිදුකරන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ ජනාධිපතිවරයාගේ නිවසට කඩා වැදුනු පිරිස ස්පාඤ්ඤ ජාතිකයන් බවටයි. ඔවුන් ස්පාඤ්ඤ භාෂාව කතා කිරීම ඊට හේතුවක්.
මියගොස් ඇති ජනාධිපති ජොවැනල් මොයිසේ 53 හැවිරිදි වියෙහි පසුවනවා.