හිමිනමක් ඝාතනය කිරීමට මුදල් දුන් විහාරාධිපති හිමියන් පොලිස් අත්අඩංගුවට
ඉංගිරිය නගරය ආසන්නයේ පිහිටි විහාරස්ථානයක වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේ නමක් ඝාතනය කිරීමට සැලසුම් කළ බවට සැකපිට එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව අදාළ විහාරාධිපති හිමියන් අත්අංගුවට ගෙන තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
අදාළ විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම හා අනෙක් ක්‍රියාවන් සිදුකිරීම යන චෝදනා යටතේ විහාරාධිපති හිමි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එම විහාරාධිපති හිමියන් අදාළ ඝාතනය සිදුකිරීම සඳහා විහාරයේ සිටි රියදුරෙකුට රුපියල් ලක්ෂ 11ක මුදලක් ලබාදී ඇතැයි ද පොලීසිය සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත.
විහාරස්ථානයේ අයිතිය පිළිබඳ පැවති ආරවුලක් මත එම ඝාතනය සිදුකිරීමට සැලසුම් කර ඇතැයි අනාවරණය වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
අත්අඩංගුවට පත්වු හිමිනම 49 හැවිරිදි අයෙක් වන අතර අදාළ රියදුරු සොයා මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.