තෝර්ට නිව්මෝනියාව!

දෙහිවල සත්වෝද්‍යානයේ කොරෝනා වැළදී සුවවුණු තෝර් සිංහයා හට මේ වනවිට නිව්මෝනියා රෝගී තත්ත්වය මතුවී ඇති බව සත්වෝද්‍යාන බලධාරීන් අනාවරණය කර ඇත.
සාමාන්‍යයෙන් කොරෝනා වැළදීමෙන් පසු පෙනහලු දුර්වල වන බැවින් බැක්ටීරියා ආසාදනයක් වීම මුල් කරගෙන මෙසේ සිංහයාට නිව්මෝනියා තත්ත්වය මතුවී ඇති බව පැවසේ.
ඒ අනුව වහාම වෛද්‍යවරුන් ප්‍රතිකාර ආරම්භ කොට ඇති අතර කොරෝනා වැළදී සුවය ලැබූ සිංහ ධේනුව පිළිබදවද අවධානය යොමුකොට ඇති බව වාර්තා වේ.