වාහන ආනයනයේදී විදුලි බලයෙන් ක්‍රියාත්මක වාහන සඳහා ප්‍රමුඛතාවයක්

වාහන ආනයනය කිරීමේදී විදුලි බලයෙන් ක්‍රියාත්මක වාහන ආනයනය සඳහා ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි පරිසර ඇමැති මහින්ද අමරවීර සඳහන් කර සිටිනවා.

පරිසර අමාත්‍යාංශයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඉන්ධන භාවිත කරන වාහනවලින් විශාල කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පරිසරයට මුදා හැරීම නිසා,විශාල පරිසර දූෂණයක් සිදුවන බව පැවසූ ඇමතිවරයා
විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වාහන ආනයනයේදී ඒ සඳහා විශේෂ බදු සහනයක් ලබා දෙන ලෙසද ජනාධිපතිවරයාට යෝජනා කළ බවයි මෙහිදී ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේ.

විදුලි බලයෙන් ක්‍රියාත්මක වාහන නැවත ආරෝපණය කිරීම සඳහා ආරෝපණ මධ්‍යස්ථාන සකස් කිරීමට කටයුතු යොදා ඇති බවත්, මෙම මධ්‍යස්ථානවලට සූර්ය බලයෙන් විදුලිය ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට නියමිත බවයි ඇමතිවරයා සඳහන් කළේ.

විදෙස් රටවල භාවිත කරන පැරැණි වාහන මෙරටට ගෙන්වීම සඳහා අවසරය ලබා නොදෙන බවත්, කසළවලින් ගොඩ ගැසෙන රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව පැවසූ ඇමතිවරයා භාවිත කරන ලද ඉලෙක්ට්‍රොනික භාණ්ඩ හා රෙදි පිළි ආනයනය කිරීම තහනම් කර තිබෙන බවද සඳහන් කර සිටියා.