බැසිල් දිවුරුම් දෙද්දී විමල්-වාසු-විජේදාස හිටියේ නැත්තේ ඇයි?
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (08) දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙන අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සහ විජේදාස රාජපක්ෂ මහතා සහභාගී වී නොසිටීම බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබිණ.
කෙසේවෙත් උදය ගම්මන්පිල අමාත්‍යවරයා එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සිටි ආකාරයක් දැකගත හැකි විය.
මෙම මැතිඇමැතිවරුන් තිදෙනාම ආණ්ඩු පක්ෂය නියෝජනය කළද 20 වන සංශෝධනය ඉදිරිපත් කිරීමේදී දැඩි ලෙස ඊට විරෝධය පළ කළ කණ්ඩායම නියෝජනය කර තිබිණ.