විදේශ සේවා නියුක්ති කාර්යාංශයට නව සභාපතිවරයෙක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපතිවරයා ලෙස එහි සාමාන්‍යාධිකාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ පත් කර තිබෙනවා.
ඊට අදාල පත්වීමේ ලිපිය විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න විසින් අද එම අමාත්‍යාංශයේදී ලබා දුන් බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.
හිටපු සභාපති කමල් රත්වත්තගේ අභාවයෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා මෙම පත්වීම සිදුකර තිබෙනවා.
මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, අද රථ වාහන හා අපරාධ අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ වැඩ භාර ගනු ලැබුවා.
ඒ, බත්තරමුල්ලේ පිහිටි එම කාර්යාලයේදීයි.
අපරාධ දිසාව, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, රථ වාහන පාලනය හා මාර්ග ආරක්ෂණ දිසාව, නාවික හා සංචාරක දිසාව යන දිසා 4 ඊට අයත් වනවා.