ශිෂ්‍යත්වය සහ අ.පො.ස. උසස්පෙළ විභාග දින නියම වෙයි

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය 2021 ඔක්තෝබර් 03 වන දින සහ අ. පො.ස. උසස්පෙළ විභාගය ඔක්තෝබර් 04 සිට ඔක්තෝබර් 31 දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසන්නේ.
කෙසේ වෙතත් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.