සමගි ජනබලවේගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 3ක්

නිරෝධායන නීතිරීතිවලට අනුව විරෝධතා පැවැත්වීම අත්හිටුවා ඒවා සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම හරහා මූලික අයිතිවාසිකම් කඩවන බව පවසමින් සමගි ජනබලවේගයේ මහලේකම්වරයා ඇතුළු මන්ත්‍රීවරුන් 3 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කර තිබෙනවා.

ඒ, පොලිස්පතිවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කරමින්.

මෙලෙස පෙත්සම් ගොනු කර ඇත්තේ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මයන්ත දිසානායක හා හර්ෂණ රාජකරුණායි.


කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!