මන්නාරමටත් විපක්ෂයෙන් හුස්මක්

විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන සටහනට සමගාමීව සුවපත් දේශයක් බිහිිකිරීම අරමුණු කරගෙන ක‍්‍රියාත්මක ජන සුවය ව්‍යාපෘතිය යටතේ රුධිර කාන්දුකරණ යන්ත‍්‍රයක් මන්නාරම දිස්ත‍්‍රික් රෝහලට ප‍්‍රදානය කළේය.

මෙම උපකරණ ප‍්‍රදානය කිරීම් අවස්ථාවට එක්වන්නැයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන්ට කල් ඇතිවම ආරාධනා කර තිබුණි. ඒ අනුව එම්.ඒ. සුමන්තිරන්, සෙල්වම් අඩෙක්කලනාදන්, ගෝවින්දන් කරුණාකරම් සහ ශනක්‍යන් රාසමාණික්කම් පැමිණ සිටියහ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

‘‘ආණ්ඩුව උතුරේ ජනතාව අමතක කරනකොට ඔබතුමා උතුරේ ජනතාව වෙනුවෙන් මේ වගේ දෙයක් කිරීම අගය කරන්න ඔ්න’’සුමන්තිරන් සජිත්ට කීය.

‘‘දකුණේ ජනතාව මගේම උතුරේ ජනතාවත් මේ රටේ ජනතාව කියන එක මම අමතක කරලා නෑ’’සජිත් කෙටියෙන් බරපතල දේශපාලන කතාවක් කීවේය.

‘‘මේවා ආණ්ඩුවෙන් කරන්න ඔ්න වැඩ. ආණ්ඩුවෙන් ඒ දේවල් වෙන්නේ නැතිවෙලාවක විපක්ෂ නායකතුමා විදියට ඔබතුමා මේ කරන දේ ජනතාවට ගොඩක් වටිනවා. ඒ වගේම විපක්ෂයේ ඉන්න අපේ පක්ෂයත් මේ දේවල්වලට සම්බන්ධ කරගන්න එක ගැන ස්තුතිවන්ත වෙන්න ඔ්න’’රාසමානික්‍යම් සජිත්ට ස්තුති කළේය.