සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ප්‍රමාදයට හේතුව මෙන්න
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල නිකුත් කිරීම සම්බන්ධ ව පැන නැඟී තිබෙන ප්‍රධාන ගැටලුව වන්නේ සෞන්දර්යය විෂයයන් අට (08) හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම බව අධ්‍යාපන ඇමතිවරයා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මේ බව ප්‍රකාශ කළා.
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 622,000ක් සිසුන්ගෙන් 169,000ක් පමණ දරුවන් සෞන්දර්යය විෂයයන් හදාරා ඇති අතර ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නොහැකි වුවහොත් මේ තත්ත්වය තුළ පාසල් පාදක තක්සේරු කිරීම මත ලකුණු ලබාදීමෙන් අනතුරු ව ප්‍රතිපල නිකුත් කිරීමක් සිදු කරන්නේ ද යන ගැටලුව දැනට ඇති බවද අමාත්‍යවරයා පවසනවා.
පසුගිය වර්ෂයේ සමස්ත ප්‍රතිපලය සහ ප්‍රායෝගික පරීක්ෂණ අතර කවර ආකාරයේ සම්බන්ධයක් පවතින්නේ ද යන්න සොයා බලා තාක්ෂණික උපදෙස්වලින් අනතුරු ව එම තීරණයට එළඹීමට අපේක්ෂා කෙරේ.