කොළඹින් අල්ලන් ගිය ස්ටාලින් මුලතිව් සිට කතා කරයි!

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය එක්ව පැවැත්වූ උද්ඝෝෂණයේ දී අත්අඩංගුවට ගත් පිරිස මුලතිව් ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කෙරුණි.

ශ්‍රී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් ඇතුළු විරෝධතාකරුවන් 33දෙනෙක් අත්අඩංගුවට ගත් අතර පසුව අධිකරණය ඔවුන් ඇප මත නිදහස් කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එහිදී ඉන් 16 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කළ ද සෙසු පිරිස එම ස්ථානයෙන් පළා ගොස් තිබුණි.

මේ අතර නිරෝධායනය සඳහා යොමු කළ පිරිසට අවම පහසුකම් හෝ සපයා නොමැති බැවින් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි එම පිරිස චෝදනා කරයි.

මේ පිළිබඳ අදහස් දැක්වු ශ්‍රී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා,

“අද පාර්ලිමේන්තුවේ දී සරත් වීරසේකර අමාත්‍යවරයා කියනවා ඊයේ නිරෝධායනයට යවන කට්ටිය විධිමත්ව සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුව යැව්වා කියලා. අමු බොරු කොහොම ද PHI කෙනෙක් බලන්නේවත් නැතුව නිර්දේශ දෙන්නේ? ඒක සම්පූර්ණ පචයක්. අපිට ටූත්පේස්ට් දුන්නේ හාමුදුරුවෝ නමක්. අපිට කිසි රෙදි කෑල්ලක් දුන්නේ නෑ. මේ ඉන්න අය උදේ ඉදලා ඇඳගෙන හිටියේ බෙඩ්ෂීට්. පොලීසියෙන් කිව්වේ යන තැන ඔක්කෝම තියෙනවා කියලා. සරත් වීරසේකර ඇමතිවරයා කියනවා මීගමුව පොලීසියෙන් අපිට බෙහෙත් දුන්නලු. අමු බොරු හලාවත පොලීසිය ළඟ නවත්තලා පාන් කාලයි කෙසෙල් ගෙඩියයි දුන්නේ. හිඟන කෑම වේවා.“