සයිනොෆාම් ඩෙල්ටා මෙල්ල කරයි.. මාත‍්‍රා දෙකෙන් ඉහලම ආරක්‍ෂාවක්..

කොරෝනා පාලනය සඳහා භාවිත කරන සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයන්ට ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ඉතා හොඳ ආරක්ෂාවක් ඇතැයි හෙළි වී තිබේ.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් දේශීය විද්‍යාඥයන් සිදුකළ පරීක්ෂණයකින් මෙම තොරතුරු හෙළිව ඇති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අදාල පරීක්‍ෂණ වාර්තාව එළඹෙන සතියේ අග වන විට නිකුත් කිරීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.