අමාත්‍යංශය අනිත්‍යයි.. විශ්වාසභංගය අවිනිශ්චිතයි..- අතහරින්න සූදානම් ගම්මන්පිල බව කියයි
සියලු දේ අනිත්‍ය ලෝකයන අමාත්‍යංශ පමණක් නිත්‍ය නැතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
තමන් අමාත්‍යංශය අරන් ආවේද නැති බවත් අරන් යන්නේ ද නැති බවත් ඒ මහතා පැවසීය.
තමන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීන්දුව 20 වැනිදා ලැබෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
උත්සව සභාවකින් පසු මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ අදහස් පල කරන ලදී.