5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය කල්දමන්න – සජිත් ඉල්ලයි

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය කල් දමා විෂය නිර්දේශය ආවරණයට අවස්ථාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ විශය නිර්දේශ ආවරණය නොවී ඇති අවස්ථාවක මෙම විභාග දෙක වෙනුවෙන් දින නියම වීමත් සමග සිසුන් දැඩි අපහසුතාවට ලක්ව ඇති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

විභාගය කල්දැමීම සදහා විපක්ෂ නායකවරයා ඉල්ලීම් කරන්නේ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් රජයේ අවධානයද යොමු කරමින්.

ඒ අනූව මුලූමනින්ම පාහේ පාසල් අධ්‍යාපනය සහ උපකාරක පන්ති අධ්‍යාපනය ද බිඳවැටී තිබීම, පාසැල් 2000ට වැඩි ප්‍රමාණයකට කිසිදු ඔන් ලයින් පහසුකමක් නොමැති වීම, මාර්ගගත (ONLINE) අධ්‍යාපනය දියුණු කිරීම සදහා ආණ්ඩුවට ප්‍රායෝගික වැඩපිළිවෙළක් නොමැති වීම යන කාරණාද මෙම ඉල්ලීම සදහා හේතු වන බවයි සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරන්නේ.

මෙවන් තත්ත්වයක් මත අධ්‍යාපන විශේෂඥයින්ගේ සාධනීය සහ ප්‍රායෝගික උපදෙස් මත පිහිටා උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග දෙක ප්‍රමාණවත් කාලයකට කල් දමන ලෙසයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටින්නේ.