ස්ටාලින් ගත්තාට රටේම සංවර්ධන නිලධාරීන් හෙට වැඩ නෑ
රට තුළ විවිධ ස්ථානවල පැනනැගුණු විරෝධතා සදහා සහභාගී වීම හේතුවෙන් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන පසුව බලහත්කාර නිරෝධායනයට යොමු කළ වෘත්තීය සමිති නායකයන් මුදා හරින ලෙස ඉල්ලා හෙට (14) දිනයේ දී සියළු සංවර්ධන නිලධාරීන් ඔවුන්ගේ රාජකාරීවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.
සංවර්ධන නිළධාරීන්ගේ ඒකාබද්ධ සංගමයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා විසින් මේ බව මාධ්‍යයට දැනුම් දී තිබේ.
මේ අතර – පොලිසිය විසින් බලහත්කාර නිරෝධායනයට යොමු කරන ලද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිස මුදා හරින ලෙස ඉල්ලමින් සියළු ගුරු වෘත්තීය සංගම් මේ වනවිටත් වැඩවර්ජනයක නිරතව සිටිති.