පාස්කු ප්‍රහාරය ගැන කාදිනල් හිමිගෙන් ජනපතිට සැර ලියුමක්! මේක විශාල කුමන්ත්‍රණයක්!

පාස්කු ප්‍රහාරයේ වත්මන් තත්ත්වය මෙන්ම එහි පරීක්ෂණ හා විමර්ශන පිළිබඳව අදහස් ඇතුළත් ලිපියක් අද (13) දිනයේදී ජනාධිපතිවරයා වෙත යොමුකරන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසති.

අගරදගුරු නිල නිවසේදී අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් උන්වහන්සේ මේ බව පෙන්වා දුනි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

“ජනාධිපතිවරයාට අද ලිපියක් ලබාදෙනවා. පස්කු ප්‍රහාරයේ විමර්ශන විග්‍රහ කරලා බලලා තමයි මේ ලියවිල්ල සකස් කළේ. අපි බලාපොරොත්තුවෙනවා මීට වඩා සක්‍රීය විමර්ශනයක්. පාස්කු ප්‍රහාරය පිළිබඳ තත්ත්වය රටේ ආරක්ෂාවට ලොකු බාධාවක් යන නිගමනයෙන් තමයි අපි හිටියේ. ඒ පිළිබඳව අපි සියලුම දේශපාලන පක්ෂවලට දැන්වූවා. ඒ දේශපාලන පක්ෂවල නායකත්වය අද වෙනතුරු අපිට සෑහීමකට පත්විය හැකි ආකාරයෙන් මෙම විමර්ශන සිදුකරනවා කියලා අපිට කියන්න බැහැ. අපි රජයෙන් ඉල්ලා සිටිනවා, මේ විමර්ශන උඩින්පල්ලෙන් කරලා කිහිප දෙනෙකුව උසාවියට ගෙනල්ලා මේ කාරණාව ඉවරයි කියලා ඒක කාපට්එක යට දාන්න කටයුතු කරන්න එපා. නඩු 20ක් 30ක් දාලා ජනතාව සතුටු කරන්න පුළුවන් කියලා ආණ්ඩුව හෝ ඒ ආයතන හිතනවා නම් ඒක තමන්වම රවට්ටා ගැනීමක් පමණයි. අපි මේ අරගලය මෙතනින් නිමා කරන්නේ නැහැ. මේ පසුපස විශාල කුමන්ත්‍රණයක් තියෙනවා. ඒක හොයාගන්න එක අපේ අයිතියක්”

දේශපාලන ඇගිලි ගැසීම් ඇති පොලිසියක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවක් සහ නීති පද්ධතියක් ඇති තත්ත්වයක් යටතේ නිසි පරීක්ෂණයක් පැවැත්වෙනු ඇති බවට සැක මතුවන බවද උන්වහන්සේ කියා සිටියහ.