පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී මියගිය දැරිය අපයෝජනයට ලක්වෙලා : වෛද්‍ය වාර්තාවෙන් තහවුරුවේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටියදී පිළිස්සුම් තුවාල ලබා මිය ගිය දැරිය දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව වෛද්‍ය වාර්තාවෙන් තහවුරු කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

අවුරුදු 15 මාස අටක් වයසැති එම දැරිය මීට මාස 8කට පමණ පෙර හිටපු ඇමැතිවරයාගේ නිවෙසේ මෙහෙකාර සේවයට පැමිණ ඇති අතර ඇය සිටි බව කියන කාමර රජයේ රස පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයටද ලක්ව තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පිලිස්සීමෙන් අනුතුරුව පොලිසිය ඇය සිටි මුළුතැන්ගෙයට යාබද කාමරය පරීක්ෂා කිරීම් කර ඇති අතර, රජයේ රස පරීක්ෂකවරයා සහ පොලිසිය කළ පරීක්ෂා කිරීම්වලදී භූමිතෙල් බෝතලයක් සහ ලයිටරයක් තිබී පොලිස් භාරයට ගෙන ඇත.

අදාළ දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන බවත් එම වාර්තාව සහ අනෙකුත් සාක්ෂි පාදක කර ගනිමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරනු ඇති බවත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.