සහාය ඉල්ලා ගම්මන්පිලගෙන් ආණ්ඩුවේ පසුපෙළට ඇමතුම්!

තමන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීම සදහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් සහාය ඉල්ලා ඇති බව දැනගන්නට තිබේ.

ඒ අනුව පසුගිය දින කිහිපය ඇතුළත පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුටම ඇමතුම් ලබා දී ඇති ගම්මන්පිල මහතා විශ්වාසභංගයේදී තමන්ට සහාය ලබා දෙන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම විශ්වාසභංග යෝජනාවේ විවාදය සදුදා සහ අගහරුවාදා පැවැත්වීමට නියමිතය.