අපරාධ රැසකට සම්බන්ධ , සීදුව ලලිත් වසන්ත STF වෙඩි පහරින් මරුට

සීදූව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා (STF) වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායට (STF) ලද තොරතුරකට අනුව සැකකටයුතු පුද්ගලයින් පිරිසක් ගමන් කළ වාහනයක් හඹාගොස් සිදුකළ පරීක්ෂා කිරීමකදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගිය පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ සීදුව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ලලිත් වසන්ත නමැති පුද්ගලයෙකි.

ඔහු 1991 වසරේ සිට මේ දක්වා සීදූව, වත්තල, මාතර, අකුරැස්ස, කටුනායක, රාගම ආදී පොලිස් වසම්වල සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බව පැවසේ.

සැකකරු මනුෂ්‍ය ඝාතන 06කට සම්බන්ධ බවට ද තොරතුරු ආනාවරණ වී ඇති අතර කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන්ද අවශ්‍යව සිටි අයෙක් බව වාර්තා වේ.

සිද්ධිය වූ ස්ථානයේ තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්ද හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අදාළ රථයේ ගමන්කළ තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර සීදූව පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.