සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ එක් අංශයක සේවකයකුටත් කොරෝනා

කොළඹ ඞීන්ස් පාරේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ එක් අංශයක සේවය කරන සේවකයකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් ඉකුත් සිකුරාදා (30දා)එම සේවකයා රෝහල්ගත කර ඇති බව අමාත්‍යංශ ආරංචි මාර්ග පැවසීය.

අමාත්‍යංශයේ ‘ඊ සී -02 ’ අංශයේ සේවය කරන සේවකයකු මෙසේ රෝහල්ගත කර ඇත. එම අංශය තාවකාලිකව වසා දමා එහි හා වෙනත් අංශවල සිටි එම සේවකයාගේ ආශ‍්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව පැවසේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කොරෝනා ආසාදිත සේවකයා සිටි අංශය තාවකාලිකව වසා දැමුවද එහි කාර්යයන් වෙනත් අංශයක සිදු කිරීමට සැලසුම් කර ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෙසු කාර්යයන් සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවත් අමාත්‍යංශ ප‍්‍රකාශකයෙක් පැවසීය.