මහාචාර්ය නලින් ද සිල්වාටත් කොරෝනා

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා මහතාට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ඒ මහතා සඳහන් කරන්නේ PCR පරීක්ෂණයක් මගින් කොවිඩ් ආසාදිත බව තහවුරු වීම නිසා
තමන් රෝහල්ගත වූ බවත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකෙරෙන බවත්ය.