ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් කොළඹ රැඳී සිටිය යුතුය බවට ජනපතිගෙන් නියෝග

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා අද (19) සහ හෙට (20) ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් කොළඹ රැඳී සිටිය යුතු බවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුම් දී ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කොළඹ රැදී සිටිමින් එම දින දෙකේ විවාදයට සහභාගිවී යෝජනාව පරාජයට පත් කිරීමට උපරිම දායකත්වය ලබා දිය යුතු බවටද වැඩිදුරටත් දැනුම් දී ඇත .

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඇමති ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දැනටමත් තීරණය කර තිබේ.

කෙසේවුවද, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා අන්තර්ජාල සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රමුඛ සමගි ජනබලවේගය ඉදිපත් කළ මේ විශ්වාස භංගයෙන් ආණ්ඩුව බේදකිරීමට වඩා ආණ්ඩුවේ පිරිස එක් කිරීමට හේතුවන බවයි.