පොහොර තහනමේ ප්‍රතිඵල එයි! තේ අපනයනයේ 1ට සිටි ලංකාව 4ට ඇදවැටෙයි!
රසායනික පොහොර භාවිතය හිටිහැටියේම තහනම් කිරීමට පියවර ගැනීමත් සමග මෙතෙක් තේ අපනයනයේ අංක 1ට සිටි ලංකාව අංක 4 දක්වා පහතට වැටී ඇති බව කුඩා තේ වතු හිමියන්‌ගේ ජාතික සම්මේලනය අනාවරණය කළේය.
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සම්මේලයේ නියෝජිතයන් සදහන් කළේ පාලකයන් විසින් කුමන්ත්‍රණකාරී ලෙස තේ වගාව බිදදැමීමට පියවර ගෙන ඇති බවකි.