මුලතිව් නායාරු ධීවර ගම්මානයේ සංක්‍රමණික ධීවරයින් විරෝධතාවක
මුලතිවු නායාරු ධීවර ගම්මානයේ සංක්‍රමණික ධීවරයින් පිරිසක් තමන්ට රැකියාවේ යාමට අවස්ථාව ලබාදෙන මෙන් ඉල්ලමින් විරෝධතාවක නිරත වනවා.
සිය ධිවර කටයුතු කරගෙන යාමට ඉඩ ලබා නොදීම හේතුවෙන් ඔවුන් දැඩි දුෂ්කරතාවකට මුහුණදීමට සිදුව ඇති බවයි විරෝධතාවයේ නිරත වෙමින් ඔවුන් කියා සිටියේ.
වාරකන් කාලය හේතුවෙන් රැකියාව කරගත නොහැකිවීම හේතුවෙන් බැංකු ණය ලබාගනිමින් දරු පවුල් නඩත්තු කලත් මේවනවිට බැංකු ණය ගෙවාගත නොහැකි තත්වයකට පත්ව ඇති බව ඔවුන් සඳහන් කරනවා.
කරුපපනේ ධිවර තොටුපොළේ කොරෝනා ආසධිතයකු වාර්තාවීම හේතුවෙන් එය වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබු අතර විරෝධතාවයේ නිරත ධීවරයින් පවසන්නේ සෞඛ්‍ය උපදෙස් පරිදි දින 14ක කාලයක් නිරෝධායනය වූ නමුත් තවමත් එම ප්‍රදේශයේ හුදෙකලා බව ඉවත් කිරීමට කටයුතු නොකිරිඅ හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.
ඒ හේතුවෙන් කරුපපනේ ධීවර තොටුපොල විවෘත කර නැවත වතාවක් ධීවර කටයුතු වල නිරත වීමට අවස්ථාව ලබාදෙන මෙන් ඔවුන් ඉල්ලා සිටිනවා.