Moody’s ශ‍්‍රී ලංකාව යලිත් පහත දමයි.. ණය ගෙවීම දැඩි අවදානම්.. ආර්ථිකය පල්ලමට…

ලෝ ප්‍රකට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Moody’s ආයතනය විසින් නැවත වතාවක් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් වලින් පහත පහත දැමීමට සමාලෝචනය කරමින් ඇත.

එම ආයතනය හඳුන්වා දී ඇති නවතම ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාව Caa1 ඛාණ්ඩය දක්වා පහත දැමීමට විමසිල්ලෙන් සිටින බව සදහන් කර ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඔවුන් එමගින් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවයි.

දිගින් දිගටම ශ්‍රී ලංකාවේ විදේශ සංචිත පහළ වැටෙනු ඇති බව ද මූඩීස් පුරෝකතනය කරයි.

ශ්‍රී ලංකාවේ මූල්‍ය අස්ථාවරත්වය අඛණ්ඩව නරක අතට හැරෙමින් පවතින බවද බාහිරින් ප්‍රාග්ධනය ගලා ඒම කැපී පෙනෙන ලෙස ඉහළ නැංවීමට සමත් නොවන්නේ නම් ඉදිරි වසර දෙක තුන කාලය තුළ විදේශ විනිමය සංචිතය තවදුරටත් පහළ වැටෙනු ඇතැයි ඔවුනගේ තක්සේරුවයි.