රාජගිරියේ විහාරාධිපති හිමිනමක් අවුරුදු 13ක දැරියක් අපහරණය කරලා! තුන්දෙනෙක් රිමාන්ඩ්!
ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි වයස අවුරුදු 13ක දැරියක් නිත්‍යානුකුල භාරකත්වයෙන් අපහරණයට ලක් කිරීමක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව හිමිනමක් සහ තවත් සැකකාර පුද්ගලයන් 03 දෙනෙක් ඊයේ (18) දින අත් අඩංගුවට ගෙන ඇත.
රාජගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටින 39 හැවිරිදි විහාරාධිපති හිමිනමක් සහ තවත් සැකකාර පුද්ගලයන් 03 දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ..
මෙම සැකකරුවන් සිව්දෙනා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ව දින 14 ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.