ඉන්දීය කණ්ඩායමට කඩුළු 3ක ජයක්
ඉන්දීය කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වූ දෙවන එක්දින තරගය කඩුළු 3 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනා ප්රථමයෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 275යි.
ශ්රී ලංකා පිල වෙනුවෙන් අවිශ්ක ප්රනාන්දු ලකුණු 50ක්, චරිත් අසලංක ලකුණු 65ක්, ධනංජය ද සිල්වා ලකුණු 32ක් සහ චාමික කරුණාරත්න නොදැවී ලකුණු 44ක් රැස් කිරීමට සමත් විය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුවක් තුළ කඩුලු 7ක් පමණක් දැවී ජයග්රහණය වාර්තා කළේය.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් දීපාක් චහාර් නොදැවී ලකුණු 69ක් රැස්කළ අතර සූරියකුමාර් යාදව් ලකුණු 53ක් රැස්කළේය.
තරඟ තුනකින් සමන්විත ඉන්දීය – ශ්රි ලංකා එක්දින තරඟාවලියේ 2-0 ලෙස පෙරමුණ ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.