හෝටල් ඇතුළෙ පිස්සු කෙළිනවා! රට මාසෙකට වහන්න වෙනවා! නලින් පෙරේරා හඬ පටයකින් කියයි

ආණ්ඩුව විවාහ මංගල උත්සව පැවැත්වීම සදහා අවසර ලබා දීමෙන් පසු ඇතැම් හෝටල් එය අනිසි ලෙස භාවිතා කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි තත්ත්වයක් බවත්, මේ අයුරින් පිස්සු කෙළියහොත් තවත් මාසයකට රට වැසීමට සිදුවිය හැති බවත් ජනප්‍රිය ගායන ශීල්පී, මේරියන්ස් නායක නලින් පෙරේරා මහතා පවසයි.

විශේෂ හඩපටයක් නිකුත් කරමින් නලින් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ තමන්ට අද දිනයේ හමුදාපතිවරයා, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුලු වගකිවයුත්තන් කිහිප දෙනෙක් කතා කළ බවත්, ඒ සියලු දෙනාම මෙම තතත්වය දැඩිව හෙළා දුටු බවත්ය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එමනිසා හෝටල් පමණක් නොව වාදක කණ්ඩායම්ද මේ ලත් අවසරය දැඩි ප්‍රවේශමෙන් යුතුව භාවිත කළ යුතු බවද නලින් පෙරේරා මහතා පෙන්වා දුන්නේය.