මා මුහුදට දමා මරන්න හැදුවා..- රතන හිමි, දේශබන්දු, ටිරාන් මන්ත‍්‍රීකම පැහැරගත්තා..- වේදිනිගම හිමි මාධ්‍ය හමුවක..

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබාගැනීම සඳහා තමන් මුහුදට දමා ඝාතනය කිරීමට උත්සාහ කළ බව අපේ ජන බල පක්ෂය හිටපු ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියෝ සඳහන් කරති.

මෙම කුමන්ත‍්‍රණය සදහා අතුරලියේ රතන හිමි, නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් හා කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ද යයිද උන් වහන්සේ පැවසූහ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මන්ත‍්‍රී ධුරය රතන හිමියන්ට ලබාදීම සඳහා ටිරාන් අලස් මහතාගේ නිවසේ දී බලහත්කාරයෙන් අත්සන් ලබා ගත් බවද උන්වහන්සේ සදහන් කලහ.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් එහිමියෝ මෙම අදහස් පල කරන ලදී