රිෂාඩ් ගේ බිරිඳ ඇතුළු තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඒ, මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කරමින් සිටියදී මියගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳගේ පියා සහ දැරිය මෙම නිවසට රැගෙන ආ තැරුව්කරු ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
Update
බාල වයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ යෙදවීම සහ ඇය පිළිස්සී මියයාම සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ, ඇයගේ පියා සහ දැරිය රැගෙන ආ තැරැවුකරු මෙසේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිදුවීම පිලිබදව ඔවුන්ගෙන් වෙන වෙනම ප්‍රශ්න කරද්දී ලබාදුන් ප්‍රකාශ එකිනෙක පරස්පර වීම හේතුවෙන් නැවත වතාවක් පොලිසිය විසින් ප්‍රශ්න කර තිබුනේ ඊයේ පස්වරුවේ ය.
ඉන් අනතුරුව නීතිපතිවරයාගේ ලද උපදෙස් මත පරීක්ෂණ මෙහෙයවන පොලිස් නිළධාරීන් කණ්ඩායම විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
ඔවුන් අද දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මේ අතර, පාර්ලිමේන්තු බදියුදීන් මහතාගේ බිරිඳගේ සහෝදරයා ද අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මන්ත්‍රීවරයාගේ නිවසේ දී දැරියක් පිළිස්සී මියගිය සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී අනාවරණය වූ තවත් සිද්ධියක් සම්බන්ධයෙනි.
අදාළ විමර්ශනවලදී මන්ත්‍රීවරයාගේ නිවසේ 2015 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ මෙහෙකාර සේවය නිරතව සිටි තරුණියක් දූෂණය කිරීමේ සිද්ධියක් අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ආදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිප්ති අජිත් රෝහණ මහතා පැවසීය.
මේ වනවිට 22 හැවිරිදි වියේ පසුවන එම තරුණියගෙන් සිදුකර ඇති ප්‍රශ්න කිරීම්වලදී සිද්ධිය අනාවරණය වී ඇත.
මෙලෙස අත්අඩංගුවට ගත් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා 44 හැවිරිදි වියේ පසුවන මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.