රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටි වෙනත් මෙහෙකාරියක් දුෂණය කිරීමේ චෝදනාවට රිෂාඩ් ගේ මස්සිනා අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිප්ති අජිත් රෝහණ පවසනවා.
මන්ත්‍රීවරයාගේ නිවසේ 2015 වසර් සිට 2019 වසර දක්වා කාලය තුල මෙහෙකාර සේවය නිරතව සිටියදී දැනට 22 හැවිරිදි වියේ පසුවන තරුණියක්, දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගත් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා 44 හැවිරිදි වියේ පසුවන මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අදාල කාලය තුල සැකකරු විසින් අවස්ථා දෙකකදී ඇයව දූෂණය කළ බවට එම තරුණිය පොලිසිට පවසා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මෙම තරුනියද ඩයගම ප්‍රදේශයේ සිට රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවයට කැඳවා ගෙන ඇත්තේ 16 හැවිරිදි දැරියක් පිලිස්සී මිය යාමේ සිදුවීමට අත්අඩංගුවට ගෙන සිටින පොන්නයියා බණ්ඩාරම් නැමැත්තා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.