ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ස්වයං නිරෝධායනයට
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩනොම් ගේබ්‍රියෙසස් ස්වයං නිරෝධායනයට යොමුවී තිබේ.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, කොවිඩ්-19 රෝගියෙකුගේ ආශ්‍රිතයෙකු ලෙස තමා හඳුනා ගෙන ඇති බැවින් තමන් ස්වයං නිරෝධායනයට යොමු වන බවය.
එමෙන් ම, තමන් සුවෙන් පසුවන බවත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බවත් ඔහු සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මුති අනුව කටයුතු කරමින් තමන් නිවසේ සිට වැඩ කරන බව ද ඔහු එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
I have been identified as a contact of someone who has tested positive for #COVID19. I am well and without symptoms but will self-quarantine over the coming days, in line with @WHO protocols, and work from home.
— Tedros Adhanom Ghebreyesus (@DrTedros) November 1, 2020
මේ වන විට ලොව පුරා කොරෝනාවෛරස ආසාදිතයන් 46,823,570 දෙනෙක් හඳුනා ගෙන ඇති අතර ඉන් 1,205,321 දෙනෙක් මියගොස් තිබේ.
වැඩි ම ආසාදිතයන් සංඛ්‍යාවක් ඇමරිකාව, ඉන්දියාව, බ්‍රසීලය, රුසියාව සහ ප්‍රංශයෙන් වාර්තා වී ඇත.