අනූෂාගේ ගෙදර පොලිසියෙන් වැටලුවාද? අනූෂා සරත් වීරසේකරට කතා කළාද? CIDයට පැමිණිල්ලක්!

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සඳහා රංගන ශිල්පිනී අනූෂා දමයන්ති අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියාය.

ඇය සඳහන් කළේ සමාජ මාධ්‍ය හරහා තමාට සිදුකරන දැඩි මඩ ප්‍රහාර දරාගත නොහැකි බැවින් මෙලෙස පැමිණිලි කිරීමට කටයුතු කළ බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

“මට ෆේස්බුක් එකේ දැඩි මඩ ප්‍රහාරයක් යනවා. සරත් වීරසේකර ඇමතිතුමාවත් සම්බන්ධ කරගෙන. රාජපක්ෂ කඳවුර වෙනුවෙන් මම දැඩිව සටන් කරපු කෙනෙක් නිසා වෙන්න ඇති කියලා මම හිතනවා. කාන්තාවක් විදිහට ෆේස්බුක්වල යන ඒ දේ කිසිසේත්ම සුදුසු නෑ. කාන්තා ලිංගික හිංසනයට වැටෙන ගනයේ අපරාධයක් තමයි ඒ සිද්ධ වෙන්නේ. නින්දිත විදිහට ඒ ක්‍රියාව සිදුවෙනවා. මම හීනෙකින්වත් හිතපු නැති දේවල්. මම සමාජයේ සුදුසු නැති ක්‍රියාවක යෙදුනා සහ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා කියලා. වලාන දූෂණ මර්දන ඒකකයෙන් මගේ නිවස වැටලුවාට පස්සේ මම සරත් වීරසේකර ඇමතිතුමාට කෝල් කළා කියලා. සමාජය බුද්ධිමත්. ඒත් සමහර අය හිතන්න පුළුවන් මේක ඇත්ත කියලා. ෆේස්බුක් එක හරහා මේ වගේ අපහාස කරනවා කියන්නේ මේක මිනිහෙක්ව මරණවා හා සමානයි.”