ජපාන අධිරාජ්‍යාගේ ප්‍රධානත්වයෙන් ඔලිම්පික් උළෙල ඇරඹේ

කොවිඩ් වසංගතය හමුවේ වසරක ප්‍රමාදයකින් පසුව 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල උත්සවාකාරයෙන් අද පස්වරුවේ ආරම්භ කෙරුණා. ඒ, ජපානයේ අධිරාජ්‍යා වන නරුහිතෝගේ ප්‍රධානත්වයෙන් ටෝකියෝ ඔලිම්පික් ක්‍රිඩාංගනයේදීයි. පවතින කොරෝනා අවදානම මධ්‍යයේ නරඹන්නන්ගෙන් තොරව මෙවර ඔලිම්පික් උළෙල ආරම්භ වීම ඔලිම්පික් ඉතිහාසයට එක්වනවා.

අලංකාර ගිනිකෙළි සංදර්ශනයකින් විචිත්‍රවත් වෙමින් උළෙලේ කටයුතු ආරම්භ කෙරුණා. වෙනදාට ප්‍රේක්ෂකයින්ගේ ඔල්වරසන් මැද සමාරම්භක උලෙලට එක්වන ක්‍රීඩකයින් සුපුරුදු පරිදි සිය රටේ ජාතික ධජය අතැතිව ඔලිම්පික් සමාරම්භයට එක්වුවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

සමාරම්භක අවස්ථාව සඳහා විශේෂ ආරාධිතයින් ලෙස අමෙරිකානු ජනාධිපති ආර්යා ජිල් බයිඩ්න් සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් ටෝකියේ නුවරට පැමිණ සිටි බවයි විදෙස් වාර්තා පැවසුවේ.

මේවනවිට ඔලිම්පික් උළෙලට සම්බන්ධ පුද්ගලයින්ගෙන් කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇති සංඛ්‍යාව 106 ක්. ටෝකියෝ නුවරට පැමිණ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි මේවනවිට තහවුරු වී ඇත්තේ.

එළඹෙන සති දෙක තුලදී රටවල් 207 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,300 ක් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් වෙනුවෙන් තරග කරනු ඇති.

The Tokyo Olympics began with a bang as fireworks exploded over an otherwise eerily quiet arena after crowds were banned with less than 1,000 dignitaries, delegates, and VIPs in attendance

Fireworks explode over the main Olympic stadium in Tokyo as the Opening Ceremony gets underway, a year after the event was delayed due to the Covid pandemic

Flag bearers Hannah Mills and Mohamed Sbihi of Team Great Britain leads their team out during the Opening Ceremony of the Tokyo 2020 Olympic Games

Australia's flag bearers Patty Mills and Cate Campbell lead their delegation as they parade during the opening ceremony of the Tokyo 2020 Olympic Games

Wooden Olympic rings made from the wood of trees planted the last time Tokyo hosted the Olympics are brought into the main arena during the Opening Ceremony

Performers take part in the Tokyo Olympics opening ceremony, a year after it was scheduled due to Covid delays

Olympic rings are formed during the Opening Ceremony of the Tokyo 2020 Olympic Games at Olympic Stadium

Fireworks go off inside the stadium during the 2020 Tokyo Olympic Games

Fireworks go off and performers dance during the Opening Ceremony of the Tokyo 2020 Olympic Games at Olympic Stadium