ඇමැතිවරුන්ට බැසිල්ගෙන් තහනමක්!

මින් ඉදිරියට කිසිදු පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර අමතර මුදල් නොඉල්ලන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සියලු ඇමැතිවරුන්ට දැනුම්දීමක් කොට ඇත.

එමෙන්ම අනවශ්‍ය සහ විශාල වියදම් සහිත ව්‍යාපෘති ඉදිරිපත් නොකරන ලෙසත් එසේ ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා මුදල් සොයාගන්නා ආකාරය පැහැදිලි කළ යුතු බවත් බැසිල් රාජපක්ෂ මහතා ඇමැතිවරුන්ට දැනුම්දී ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එසේ ඉදිරිපත් කරන ව්‍යාපෘතිවලට පවා අනුමැතිය හිමිවන්නේ මුදල් අමාත්‍යංශය මගින් සිදුකරනු ලබන අධ්‍යයනයකින් පසුව බවද අමාත්‍යවරයා සදහන් කොට ඇත.