හොරෙන් බෙහෙත් විසිකළ රිෂාඩ් බදියුදීන් නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළු කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් ඇත.

හිටපු අමාත්‍යවරයාට හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ 55 වන වාට්ටුවට ඇතුළත් කෙරුණේ ඉකුත් 17 වැනිදාය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව කොළඹ ජාතික රෝහලේ දී සිදු කෙරුණු ප්‍රතිකාරවලින් පසුව අද 24 නැවතත් ඔහු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් ඇත.

රිෂාඩ් බදුර්දීන් මහතා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වෛද්‍ය නිර්දේශ මත ඔහුට ලබා දුන් ඖෂධ ලබානොගෙන හොර රහසේ ඉවතට විසිකර දමා ඇති බවට කරුණු හෙළි වී ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

රිෂාඩ් බතියුදින්ගේ භාවිතය සඳහා රෝහලේ විශේෂ වැසිකිළියක් ලබා දී තිබු බවත් , වාර්තා වන අන්දමට රිෂාඩ් වැසිකිළියට යනවිට රහස් පොලිසියේ නිලධාරීන් දැඩි අවධානයෙන් සිට ඇත.ඔහු වැසිකිළියට යන අතරතුර රහසිගතව කඩදාසි කැබැල්ලක් අතේ තබා ගෙන යන බව නිරීක්ෂණය වී තිබේ.

වැසිකිළියේ ඇති දුර්ගන්ධය දුරු කිරීම සඳහා සවිකර තිබූ වෙන්ටලේටරයේ සිදුර හරහා ඔහුගේ අතේ ගෙන ගිය කඩදාසිය පිටතට විසි කළ බව දැක , වැසිකිළියෙන් පිටත සිටි රහස් පොලිසියේ නිලධාරීන් මෙය නිරීක්ෂණය කර කඩදාසිය පරීක්ෂා කළවිට ඔවුන්ට ඒ කඩදාසියේ ඔතනලද පෙති දකින්නට ලැබී ඇත.

මෙයින් පසු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රිෂාඩ් බතියුදීන් ඇතුළත් කර ඇති වාට්ටුවේ වෛද්‍යවරයාට ඒවා පෙන්වූවිට , ඒවා ඔහුට දෙන බෙහෙත් බව අනාවරණය වී ඇත.

තමන්ව මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගත හැකි කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුළත් කරන ලෙසද හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණි.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාර හිටපු අමාත්‍යවරයාගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තාවිය.