ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව මේ මස අගදී ජනතාවට ලබා දෙනවා

සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරට කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම සහ මරණ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇතැයි කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.
පවතින තත්ත්වය අනුවා වහාම කොවිඩ් මර්දන එන්නත ලබා ගන්නා ලෙසයි ඇය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් ලක්ෂ 05 කට අධික පිරිසකට එහි දෙවන මාත්‍රාව මේ මස අගදී ලබා දීමට රජය සැලසුම් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ වැඩිදුටත් සඳහන් කර සිටියා.