කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්.රාජමහේන්ද්‍රන් මහතා කොරෝනා ආසාදනයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වෙයි
සිරස , ශක්ති මාධ්‍ය ජාලය හිමි කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්. රාජමහේන්ද්‍රන් මහතා කොවිට් අසාදනයෙන් අභාවප්‍රාප්ත විය.
කොළඹ,ඔහු කොළඹ නවලෝකා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මිය ගියේය.
කොරෝනා වෛරස් ආසාදනයක් හේතුවෙන් ඔහු මෑතකදී රෝහල් ගත කෙරිණි.
ඔහු එන්නත් මාත්‍රාවන් දෙකම ලබාගෙන තිබුණු අතර ඔහුගේ පෙණහලුවලට කොරෝනා වෛරසය දැඩි ලෙස අසාදනය වී තිබු බව වාර්තා වේ.
සිරස රූපවාහිනිය, සිරස ගුවන් විදුලිය හා ශක්ති රූපවාහිනී නාළිකාව ඇතුළු ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක ඔහු සභාපතිධුරය දරයි.
කෙවිල්ටන්, ඉස්ලෝන් සමාගම්ද ඔහු යටතේ පවතී.
කොවිඩ් ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වී තිබේ.
රාජා මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්රයට විශාල මෙහෙයක් කළ පුද්ගලයෙක් වෙයි.