වාර්තාවක් සමග තවත් සයිනොෆාම් ලක්ෂ 16ක් අනිද්දා ලංකාවට!

චීනයේ පරිත්‍යාගයක් ලෙස සයිනොෆාම් එන්නත් ලක්ෂ 16ක් අනිද්දා (27) මෙරටට ලැබීමට නියමිතය.
එම එන්නත් තොගය බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගබඩා කර ඇති ආකාරය දැක්වෙන ජායාරූප මේ වනවිට මාධ්‍යයට නිකුත් වී තිබේ.
මෙම එන්නත් සමග සිරින්ජර මිලියන 1.6 ක් ද මෙරටට ලැබීමට නියමිතය.
චීනය මෙතෙක් වෙනත් රටකට පරිත්‍යාග කළ වැඩිම සයිනොෆාම් එන්නත් තොගය මෙය වන අතර ලංකාවට ලැබෙන විශාලතම සයිනොෆාම් එන්නත් තොගයද මෙය වේ.