ගැටුම් ඇදී ගිය කිලීගෙයි මගෙයි යාළුකම – ආචාර්ය රංග කලන්සුරිය

මට මතක විදියට 2006 අවුරුද්දේ අග භාගයෙයි. ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ ටෙලිවිෂන් සහ රේඩියෝ පාඨමාලාව ඉගෙන ගත් සිසුන්ට පරිවාස පුහුණුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් මම ශ්‍රී ලංකාවේ සියලු මාධ්‍ය ආයතන හිමිකරුවන් වෙත ලිපි යැවූවෙමි.

භාෂා තුනෙන් ම ඉගෙන ගත් සිසුන් සිටි නිසා ඒ ඒ භාෂා මාධ්‍යයට අදාල ලිපිය ඒ ඒ භාෂාවෙන් ලියූවෙමි. ඒ අනුව ශක්ති ටීවී ආයතනයේ පරිවාස පුහුණුවට අදාල ලිපිය කිලී මහාරාජට යැවුණේ දෙමළ භාෂාවෙනි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ලිපිය ලද විගස මට කිලීගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. ඒ මා සහ කිලී අතර ඇරඹුණු පළමු  දුරකථන සංවාදයයි.

අයිසේ, තමුසේ මාර බඩුවක්නේ. දෙමළ ශිෂ්‍යයන් ගැන මට ලියුම එවල තියෙන්නේ දෙමළ භාෂාවෙන්. මට දෙමළ කියවන්න බෑ. ඒ වුණාට මට මේ ගැන හරි ආඩම්බරයි. මෙහෙම තමයි වෙන්න ඕනේ. යැයි කී ඔහු කෝපි ‍කෝප්පයක් බීම සඳහා සිය කාර්යාලයට එදා හවසම එන්න යැයි මට ආරාධනා කළේය.

ලංකාවේ රසම කෝපි තියෙන්නේ මෙහේ. මගේ කාර්යාලයේ.යැයි කියමින් ඔහු මට ලොකු කෝපි ජෝග්ගුවකින් සංග්‍රහ කළේය”

එය 100%ක් ම සත්‍යයකි. එතැන් පටන් 2016 මැද භාගය පමණ වනතුරු මසකට වරක්වත් ආරාධිතව හෝ අනාරාධිතව ඔහුගේ කාර්යාලයට ගොස් කෝපි කෝප්පයක රස බැලුවෙමි. ඒ හැම ගමනක දී ම අපි දෙන්නාගේ කතාබහ අඩුම ගණනේ පැයකටවත් දිගු විය. විවිධ දේ ගැන අපි කතා කළෙමු.

අප දෙදෙනාගේ මිත්‍රත්වය ඉතා දැඩි විය.

ඒ ගිය හැම ගමනක දී ම ඔහු මා සමඟ මගේ වාහනය ළඟට ම පසු ගමන් ආවේයමගේ වාහනයේ දොර වසන්නේ ද ඔහුමය. ගේට්ටුවෙන් පිටව යන තෙක් ඔහු වාහනය දෙස බලා සිටියි. ඒ කිලී මහාරාජාගේ හැටිය.

නමුත්, 2016 මා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධූරය භාරගත්තායින් මාස කිහිපයකට පසුව අපි දෙදෙනාගේ යාළුකමට කණකොකා හැඬුවේය. මා රටේ මාධ්‍ය සංස්කෘතිය ගැන කළ ඇතැම් විවේචන කිලීට රිස්සුවේ නැත.

කිහිපවරයක් දුරකථනයෙන් මා ඇමතූ ඔහු මගේ  විවේචන කරන්නේ සිරස ගැනදැයි විමසුවේය. ඒ හැම අවස්ථාවක දී ම වෘත්තීය වේදියෙකු ලෙස මගේ පැහැදිළි කිරීම ඔහුට කළත් ඔහු ඉන් සෑහීමකට පත්වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත.

මාවනැල්ලේ රාමසර කන්ද නායයාමෙන් පසු ස්වභාවික ආපදාවක දී මාධ්‍යයේ කාර්යභාරය මැයෙන් කොළඹ පැවැති සම්මන්ත්‍රණයක දී කතාවක් පවත්වන්නට මට ආරාධනා ලැබිණි.

ආපදාවක දී මාධ්‍යයේ කාර්යභාරය නිවැරදි මාධ්‍යකරණයක් තුළින් ජනතාවට තොරතුරු සැපයීම සහ රජයේ අඩුපාඩු හුවාදැක්වීම විනා මාධ්‍යවේදීන් යොදවා ගෙන ගමක් ගානේ ගොස්  බඩු බෙදාදීම නොවන බව මම එහි දී අවධාරණය කළෙමි.

මගේ කතාව කණ වැකුණු කිලීට යකා නැග්ගේය. ඔහු සිතුවේ මම සිරස ගම්මැද්ද වැඩසටහනට පහර දීමට උත්සාහ කළ බවයි.

රංග අපේ යාළුකම වෙනම එකක්. හැබැයි අපි අද ඉදන් ඔබේ පතුරු යවනවා. සටනට බහිමු ඔහු කීවේය.

මාධ්‍යයත් ඔබෙයි. වේදීකාවත් ඔබෙයි. කැමත්තක් කරන්න. මම කීවෙමි.

එතැන් පටන් දිනපතාම පාහේ සිරස ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් අඩුම ගණනේ විනාඩි 05ක් පමණ මා වෙනුවෙන් වෙන්විය. කිලී හතර වටෙන්ම මට ප්‍රහාර එල්ල කළේයප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ මා වෙනුවෙන් කාටුන් පළවිය. කොළඹ නගරයේ ප්‍රධාන තැන්වල ඇති විශාල බිල්බෝර්ඩ්වල මාව කාටූන් විදියට ප්‍රදර්ශනය කළේය.

මාගේ මූලිකත්වයෙන් ස්වාධීන මාධ්‍ය නියාමන කොමිෂන් පනත සකස්කිරීමත් සමඟ මට රෙහි සිරස ප්‍රහාරය තවත් ත්‍රිව වුයේය. මා පමණක් නොව ඊට සම්බන්ධ වූ නාලක ගුණවර්ධන, ආචාර්ය ප්‍රදීප් වීරසිංහ වැනි දේශීය විද්වතුන් ද ටෝබී මැන්ඩල් වැනි අන්තර්ජාතික විද්වතුන්ට පවා සිරස දැඩි ප්‍රහාර එල්ල කළේය.

කැබිනට් තීරණ දැනුම්දීමේ සතිපතා මාධ්‍ය සාකච්ඡාවට සිරස මාධ්‍ය කණ්ඩායම් එව්වේ ප්‍රශ්නවලින් සහ කැමරා කිහිපයකින් සන්නද්ධවය.

මා ඒ සෑම ප්‍රශ්නයකට ම සෘජුව පිළිතුරු දීමෙන් පසු ඇතැම් දවසක Well-done කියා කිලී මට කෙටි පණිවිඩ එව්වේය. නමුත් ඊළඟ සතියේ ද ප්‍රහාරයේ වෙනසක් නොවුනේය.

මා තනතුරෙන් ඉල්ලා අස්වනතුරු ම කිලී සිය ප්‍රහාරය දිගටම කරගෙන ගියේය. මගේ ඉල්ලා අස්වීම ද සිරස ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ විනාඩි 07ක පමණ දිගු ප්‍රවෘත්තියක් විය.

අප දෙදෙනා අතර මේ හබය කොපමණ ගැඹුරට ගියත් අපේ  මිත්‍රත්වයට ඉන් හානි නොවීමට දෙදෙනාම වගබලාගත්තෙමු.

දෙදෙනාගේම උපන්දිනවලට දෙදෙනාම සුබපතා ගත්තෙමු. ඇතැම් දේශපාලන කාරණා සම්බන්ධයෙන් අපි දිගු සංවාදය ළෙමු.

කොවිඩ් වසංගතය නොතිබුණේ නම් ඔහුගේ කෝපි කෝප්පයේ රස බැලීමට මම නැවත ඔහුගේ කාර්යාලයට විටින් විට ොඩවදින්නට ඉඩ තිබිණි.

රටේ මාධ්‍ය සංස්කෘතියේ හැරවුම් ලක්ෂය කිලී මහරාජා යැයි කීවොත් එය නිවැරදිය. රේඩියෝ සහ ටෙලිවිෂන් විකාශ පෞද්ගලික අංශයේ පෙරැළියක් සඳහා යොමු කළේ ඔහුය. අනෙක් හැමදෙනා ම ගමන් කළේ ඔහුගේ අඩිපාරේය.

හුගේ දේශපාලනික මාධ්‍ය භාවිතය ගැන විවේචන තිබුණත් අලුත් මාධ්‍ය සංස්කෘතියක් බිහිකිරමින් කිලී මේ රටේ ඉතිහාසය වෙනස් කළේය.

එසේ රටක ඉතිහාසය වෙනස් කිරීම හැම දෙනාටම කළ නොහැක්කකි. ඒ අනුව කිලී මහාරාජා ඉතිහාස ගතවන්නේය.

– ආචාර්ය රංග කලන්සුරිය