සයිනොෆාම් එන්නත් දෙකම ගත් අයෙක් කොරෝනා හැදී කරාපිටියේදී මිය යයි…

සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයෙකු කොරෝනා ආසාදිතව මියගොස් තිබේ.
කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇත්තේ 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
ඔහු වසරක පමණ කාලයක සිට පාදයේ ආබාධයකින් සිටි අයකු වන අතර පසුගිය මැයි 29 දා පළමු මාත්‍රාවක් දෙවෙනි මාත්‍රාව ජුනි 28 වැනිදා ලබාගෙන තිබිණි.
පසුව ඔහුට සෙම වැඩි වීම හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසු කරාපිටිය රෝහලට මාරු කර ඒවා තිබිණි.
එහිදී හෙළිව ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.