චීනයෙන්.. ඇති වෙන්නම එන්නත් එයි.. එකවර ලක්‍ෂ 40ක්..

කොරෝනා මර්ධනය සදහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් තවත් මාත්‍රා මිලියන හතරක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබේ.
කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කරන්නේ එම මාත්‍රා මිලියන 4 අගෝස්තු 7 සහ 8 යන දිනයන් අතරතුරදී මෙරටට ලැබෙනු ඇති බවයි.
ශ්‍රී ලංකාව විසින් මුදල් ගෙවා වෙන් කරවාගෙන ඇති එම එන්නත් තොගය වරකදී මෙරටට ලැබෙන වැඩිම එන්නත් මාත්‍රා තොගයයි.