සිතේ නැගි දුක කියමි හිමි හට : රත්නපාල ගමගේ

නෙලා අවුකන මහා බුදු රුව විඩා හරිනෙමි හිමි දෙපා මුල
බලා ඒ දෙස ඇසේ කදුළක හිතේ නැගි දුක කියමි හිමි හට
හිමි දෙපා යුග මලින් පුදනට උවැසියන් පැමිණියත් හෙට දින
උන් අතින් කල නිමැඋමක් සේ හිමිගේ පිලිරුව අලෙවි වෙත් රුපියලට මුදලට
නිමැවුමේ හිමිකරුව නොසොයනා රටක්තුල කවි ලියති ගී ගයති සම්මාන පදක්කම්
කිසිත් නෑ ඒවා ඇගපතේ රිදුම් ටික පමනකිය මට අද ඉතිරි වූයේ.
– රත්නපාල ගමගේ