මන්ත්‍රීවරුන්ට කොරෝනා ටෙස්ට් එකක් 3 වැනිදා! ගිය පාර ආවේ පස්දෙනයි!
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් කොරෝනා ඇන්ටිජන් පරීක්ෂණ වටයක් ලබන 3 වැනිදා සංවිධාන කරන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසා ඇත.
තමන් කැමති නම් පමණක් මන්ත්‍රීවරුන්ට මෙම පරීක්ෂණ සඳහා පෙනී සිටිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.
කොරෝනා ඇන්ටිජන් පරීක්ෂණ වටයක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙයට පෙරද පවත්වන ලද නමුත් ඊට සහභාගි වී ඇත්තේ මන්ත්‍රීවරුන් පස්දෙනකු පමණකැයි වාර්තාවේ.
පාර්ලිමේන්තුව ලබන තුන්වැනිදා රැස් වන අතර ඒ අවස්ථාවේ දී මන්ත්‍රීවරුන්ට මේ පරීක්ෂණ සඳහා යොමු විය හැකි බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.