ජයග්‍රහණයේ විශ්වාස සමඟ ජෝ බයිඩන් පාක්ෂිකයන් අමතයි! : බහුතරයකගේ විශ්වාසය ට්‍රම්ප්ද ?

”අපි කොහෙද ඉන්නේ කියලා අපිට හොඳට දැනෙනවා, අපි ඇත්තටම ඒ දේ කරනවා, මම අද මේ රාත්‍රියේ ඔබට හමුවට ආවේ, අපි විශ්වාස කරනවා අපි මේ මැතිවරණය ජයග්‍රහණය කිරීමට යන බව. ” යනුවෙන් බයිඩන් සඳහන් කර ඇත.

තමන් මීට පෙර මෙවැනි ප්‍රතිඵලයක් බලාපොරොත්තු නොවුණු අතර ප්‍රාන්ත තුළ තවදුරටත් ජන්ද ගණන් කිරීම සිදුවනහෙයින් ඉවසිලිවන්තව බල සිටිනේ ලෙසයි ඔහු වැඩිදුරටත් සිය අපේක්ෂකයන්ගෙන් ඉල්ලා ඇත්තේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

LIVE

මීට පෙර ඩිමොක්‍රටික් අපේක්ෂක ‍ජෝ බයිඩ්න් මැතිවරණ ආසන 213 ක් දිනා ගන්නා විට රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් දිනාගෙන තිබුණේ මැතිවරණ ආසන 118 ක් පමණි. කෙසේ වෙතත් මේ වනවිට ඔවුන් දෙදෙනා අතර පරතරය 11 ක් දක්වා අඩුකර ගැනීමට ට්‍රම්ප් සමත්ව තිබෙනවා.

අවසන් වරට නිකුත් වූ ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රතිඵලයද සමගින් ට්‍රම්ප් මේ වනවිට අසාන 213 ක් ජයග්‍රහණය කර ඇති අතර බයිඩ්න් ආසන 220 ක් ජයගෙන තිබෙනවා.

ඉතිරිව ඇති ආසන බහුතරයකද ඉදිරියෙන් සිටින්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් වන අතර ඔහුට වාසිදායක විස්කොන්සින්, මිචිගන්, පෙනිසෙල්වේනියා, නෝර්ත් කැරොලිනා,ජෝර්ජියා, ඇලස්කා යන ප්‍රාන්තවල ප්‍රතිඵල නිකුත් වීමට නියමිතව තිබේ. එම ප්‍රාන්ත වල සමස්ත ආසන ප්‍රමාණය 80 කි.

ජෝ බයිඩ්න්ට වාසිදායක ප්‍රාන්ත ලෙස තවමත් ප්‍රතිඵල නිකුත් වීමට ඉතිරිව තිබෙන්නේ නෙවාඩා, ඇරිසෝනා සහ මේන් යන ප්‍රාන්ත පමණි. එම ප්‍රාන්තවල සමස්ත ආසන ප්‍රමාණය 21 කි.

මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනුව වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ ජෝ බයිඩ්න් ය. ඔහු මිලියන 63.5 කගේ කැමැත්ත ලබාගෙන ඇති අතර ට්‍රම්ප් මෙතෙක් ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය මිලියන 61.9 කි.