ශ්රී ලංකා රේගුවත් ඔන්ලයින් ලිපි ලේඛන ඩිජිටල්කරණයෙන් සහතික කිරීම අරඹයි
ශ්රී ලංකා රේගුව මෙරට ආනයන අපනයන ක්රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඔන්ලයින් ලිපි ලේඛන ඩිජිටල්කරණයෙන් සහතික කිරීම ආරම්භ කර තිබෙනවා.
ඒ සඳහා ලංකා සයින් ඩිජිටල් සහතිකකරණය හඳුන්වාදීමට ශ්රී ලංකා රේගුව, ලංකා ක්ලියර් ආයතනය සමග ගිවිසුමකට ද එළඹුණා.
ආනයන, අපනයන ක්රියාවලිය කාර්යක්ෂම කිරීම රටක ව්යාපාරික කටයුතු පහසුවෙන් සිදුකිරීමේ දර්ශකයේ වැදගත් නිර්නායකයක් වනවා.
වසර ගණනාවක් පුරා ශ්රී ලංකා රේගුවට අදාළ ලිපිලේඛන ඉදිරිපත් කෙරුණේ භෞතික ආකාරයෙන්. ඒ සඳහා ශ්රී ලංකා රේගුව මේ වනවිට ඔන්ලයින් ක්රමයට ලිපිලේඛන ඉදිරිපත් කිරීමේ “ඇසිකියුඩා” පද්ධතිය හඳුන්වා දී තිබෙනවා.