මේ යන විදිහට මාසෙකට රෝගීන් 4500ක් පමණ මැරේවි! වෛද්‍ය සංගමයෙන් භයානක ප්‍රකාශයක්!

මේ වන විට හඳුනාගන්නා කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 50කට පමණ ඔක්සිජන් අවශ්‍යතාව පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ, මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, ඒ අතර වැඩි පිරිසක් ඩෙල්ටා ප්‍රභේදයට සමාන බවක් පෙන්නුම් කෙරෙන බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

“වාර්තාවන රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් අපිට දකින්න ලැබෙන්නේ, ඔක්සිජන් මත යැපෙන රෝගීන්. ඒ නිසා අපි යම්කිසි අයුරකින් ඩෙල්ටා ප්‍රභේදයට සමානකමක් දක්වනවා ද යන්න සැක සහිතයි. මේ වන විට ජාතික රෝහලේ ඇඳන් සංඛ්‍යාව සම්පුර්ණයෙන්ම පිරී ගිහිල්ලා තියෙනවා. රෝගීන්ගේ ධාරිතාව ඉක්මවා යන්න ඉතාමත්ම ආසන්නයි. ඒ වගේම ළමා රෝහලේ සම්පූර්ණ ඇඳන් සංඛ්‍යාවට වඩා රෝගීන් සංඛ්‍යාව වාර්තාවීම ගැටලුකාරී තත්ත්වයක් වෙලා තියෙනවා. දිනකට මියයන රෝගීන් සංඛ්‍යාව 50කට අධිකයි. මාසයකට ආසන්න වශයෙන් රෝගීන් 4,000 – 4,500ත් අතර ප්‍රමාණයක් මියයාවි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද ඒක අවාසනාවන්ත තත්ත්වයක්. මේ රටේ යුද්ධය පැවති සමයකවත් මෙපමණ මිනිසුන් ප්‍රමාණයක් මියගියේ නෑ. මේ නිසා ජනතාව තේරුම් ගන්න ඕනේ මේක ඉතාමත් භයානක තත්ත්වයක් බව.“

මේ අතර මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිතයින්ගේ පැහැදිලි වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.