නයිට්‍රික් ඇසිඩ් නැවක් ලංකා මුහුදු සීමාවේ අනතුරක!

ඉන්දියාවේ මුන්ද්‍රා වරායේ සිට පැමිණි හොංකොං ධජය සහිත නයිට්‍රික් ඇසිඩ් රැගෙන පැමිණි නැවක් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී අනතුරකට ලක්ව ඇත.
නැව අනතුරට ලක්වීමත් සමග එහි කපිතාන්වරයා ඒ බව ලංකා වරා්‍ය අධිකාරියට දැනුම් දීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ වරාය අධිකාරිය එම නොකාවේ තිබූ නයිට්‍රික් ඇසිඩ් සහිත බහාලුම් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන ඇත.