බ්‍රිතාන්‍ය යුද නෞකා පෙලට චීනයෙන් අනතුරු ඇඟවීමක්
දකුණු චීන මුහුද හරහා ජපානය දෙසට ඇදෙන බ්‍රිතාන්‍ය “ක්වීන් එලිසබෙත්” යුද නෞකාව ප්‍රමුඛ ප්‍රහාරක යාත්‍රා පෙලට නුසුදුසු ප්‍රකෝපකාරී ක්‍රියාවන්ගෙන් වැළකී සිටින ලෙස චීනය අනතුරු ඇඟවීමක් කළා.
චීන විමුක්ති නාවික හමුදාව උපුටා දක්වමින් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රචාරක පුවත්පත ලෙස සැලකෙන ග්ලෝබල් ටයිම්ස් සඳහන් කළේ බ්‍රිතාන්‍ය යුද නෞකා පෙල පිළිබඳව තමන් දැඩි අවධානයෙන් පසුවන බවයි.
එමෙන්ම, බ්‍රිතාන්‍යය තවමත් අධිරාජ්‍යවාදී මානසිකත්වයෙන් පසුවන බවටත් එමඟින් චෝදනා කළා.
කෙසේ නමුත්, බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් බෙන් වොලස් කියා සිටියේ දකුණු චීන මුහුද හරහා නාවික ගමනාගමනයේ නිදහස තමන් භුක්ති විඳින බවයි.
අයිතිය පිළිබඳ මතභේදකාරී මෙම මුහුදු ප්‍රදේශයේ චීනය විසින් කෘතිම දිවයින් සහ ගුවන් ධාවන පථ ඉදිකරමින් සිටින අතර, ඊට අසල්වැසි රටවලින් එල්ල වන්නේ විරෝධයක්.
චීනයේ අයිතිය පිළිබඳ හිමිකම් පෑම නොතකා බ්‍රිතාන්‍ය මෙන්ම අමෙරිකානු යුද හමුදාද මෙම මුහුදු ප්‍රදේශය හරහා ගමන් කරනවා.