ඇස්ට්‍රසෙනිකා ලංකාවට ඇවිත්!

කොවැක්ස් පහසුකම යටතේ ජපානය විසින් ලබාදෙන ඇස්ට්‍රොසෙනෙකා කොවිෂිල්ඩ් එන්නත් මාත්‍රා 728,460ක තොගය මීට සුළුවේලාවකට පෙර ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකින් දිවයිනට රැගෙන විත් තිබේ.
එන්නත් තොගය භාර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ යුනිසෙෆ් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
එම එන්නත් තොගය ඇස්ට්‍රොසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබාදීම සඳහා එම එන්නත් භාවිත කිරීමට නියමිත අතර ඉතිරි එන්නත් තොගය කෑගල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන සඳහා යොදාගැනීමට සැලසුම් කර තිබේ.